About Video Rip

*මේ පෝස්ට් එක දාන්න හිතුවෙ ගොඩක් අය Film/TV Series බෑවට තාම හරියට ඒ ඒ රිප් ගැන හොද අවබෝධයකින් නෑ කියල තේරෙනව.* මොකද නිතරම මගෙන් අහන ප්‍රශ්නයක් තමා මේ රිප් වර්ග මොනාද කියන එක. මේව දැනගෙන ඉන්න එක ගොඩක් හොදයි මොකද එතකොට ඩේටා නාස්ති කරගන්න නැතුව තමන්ට ඕන රිප් එකම ගත්තෑකිනෙ. මෙතන තියෙන්නෙ ගොඩක් Common දැනට රිලීස් වෙන රිප් කිහිපයක් විතරයි. ටිකක් දිග පෝස්ට් එකක්. වැදගත් වෙයි කියල හිතෙන කෙනෙක් කියවන්න.😉

........................ / චිත්‍රපට නිකුත් වන විවිධ ආකාර \ .........................

| CAMRip |
පිටපත ලබාගන්නේ කැම්කෝඩරයක් ආධාරයෙන් සිනමා ශාලාව තුලදීය. ශබ්ද ප්‍රභවය වන්නේ කැමරාවේ මයික්‍රොෆෝනයයි. කැම් රිප් චිත්‍රපටයේ පළමු දර්ශනයෙන් පසුව ඉක්මනින් නිකුත් වෙයි. ගුණාත්මක භාවය අඩු අගයක් ගන්නා අතර එය කැමරාවේ විභේදනය මත තීරණය වේ. මෙහි ප්‍රධාන අවාසියනම් ශබ්ද තත්වයයි. මයික්‍රෝෆෝනය මගින් චිත්‍රපටයේ පමණක් නොව සිනමා ශාලාව තුල ඇති බාහිර ශබ්දද පටිගත වේ. එලෙසම සිනමා ශාලාව තුල සිදුවන පුද්ගල චලනය වීම් ද පටිගත වේ.

| Pre-DVD |
PDVD, නැතහොත් Pre-DVD, යනු බොහෝ විට ඉන්දියාව තුල හෝ ඉන්දියානු බොලිවුඩ් චිත්‍රපට සමග නිකුත් වන වර්ගයකි. අඩු ගුණාත්මක භාවයකින් යුත් CAM/TS නිකුතු ඉන්දියාව තුල DVD ලෙස මහමාර්ගයේ විකුණනු ලබයි. ඒවා සමහර කණ්ඩායම් විසින් PDVD-rips ලෙස නිකුත් කරනු ලබයි. මේවාහී නමට ඇති සමාන කම නිසා බොහෝ විට DVD-rip ලෙස රැවටීමට භාජනය වේ.

| TS ( TELESYNC ) |
මෙහි වීඩීයෝ ගූණාත්මක බව CAM පිටපතකට සමානවේ. එහෙත් Telesync හොඳ වීඩීයෝ තත්වයක් නොතිබුණත් හොඳ ශ්‍රව්‍ය තත්වයක් ඇත. CAM ප්‍රභවය හොඳ වෙනත් ශබ්ද ප්‍රභවයක් සමඟ සමමුහුර්තකරණය කර ඇත. එය සමහර විට සිනමා ශබ්ද පද්ධතියෙන් හෝ ඇසීමේ ආබාධිත තත්ව ඇති පුද්ගලයින්ට තිබෙන රේඩියෝ විකාශනයෙන් උකහා ගෙන ඇත. බොහෝ විට cam පිටපතම telesync ලෙස වැරදියට නම් කරනු ලබයි.

| TC ( TELECINE ) |
මෙම කොපිය පිටපත් කරගන්නේ චිත්‍රපටය ඇනලොග් පටයේ සිට සංඛ්‍යාංක(Digital) පිටපත වෙත පරිවර්තනය කරනු ලබන යන්ත්‍රයෙනි. මෙම පිටපත් බොහෝ දුර්ලභ වන්නේ මෙය බොහෝ වියදම්කාරී හා විශාල පිටපත් වන බැවිනි. කෙසේවුවද මෑතකදි මෙය සාමාන්‍ය තත්වයට ලං විය. මෙහි සාමාන්‍යයෙන් ගුණාත්මක භාවය DVD තරම්ම වන්නේ මෙය සාමාන්‍ය චිත්‍රපටියක් DVD ගත කරන තාක්ෂණයට සමීප නිසාය. කෙසේ වුවද සාමාන්‍යයෙන් ඇනලොග් පටයේ අඩු ගුණාත්මක භාවය මත මෙය වෙනස්විය හැක. Telecine යන්ත්‍ර මගින් සාමාන්‍යයෙන් වමේ සිට දකුණට සියුම් සෙලවීමක් දකින්නට ලැබෙන අතර DVD පටයට සාපේක්ෂව වැරදි වර්ණතත්ව භාවිතාවන බවද දක්නට ලැබේ.

| SCR ( SCREENER ) |
චිත්‍රපටය තිරගත වීමට කලින් DVD හෝ VHS නිකුත් වීම් සිදුවේ. මේවා බොහෝවිට යවනු ලබන්නේ චිත්‍රපට විචාරකයන්, ඇකඩමි සාමාජිකයින් වෙත එය විචාරය කිරීමේ කටයුතු සඳහා වේ. Screener පිටපත් වල සාමාන්‍යයෙන් පහත සඳහන් පණිවිඩයට සමාන පණිවුඩයක් දක්නට ලැබේ.:"The film you are watching is a promotional copy, if you purchased this film at a retail store please contact 1-800-NO-COPIES to report it." මීට අමතර සමහර ආයතන විසින් සමහර දර්ශන කොටස් කළු-සුදු ආකාරයෙන් දර්ශනය කරනු ලබයි. මේවාටත් අමතරව වෙළඳපලට නිකුත් වන DVD වලට වඩා ස්වල්ප ප්‍රමාණයකින් දර්ශණ තත්වය අඩුය. සමහර අනවසර චිත්‍රපට නිකුත් කරන කණ්ඩායම් විසින් මෙම පණිවුඩය කපා ඉවත් කර DVD-Rip ලෙස වර්ග කර නිකුත් කරනු ලබයි.

| DVDRip |
චිත්‍රපටයේ අවසාන නිකුතු විශේෂයයි. සාමාන්‍යයෙන් චිත්‍රපටිය පෙන්වීමට පටන්ගත් කලාපයෙන් පිට කලාපයකදී පෙන්වීමට පෙර නිකුත් වේ. බොහෝවිට එක් කණ්ඩායමක් මෙම වර්ගයේ හොඳ පිටපතක් නිකුත් කල විට එම පිටපත් නිකුත් කිරීම වෙනුවෙන් පැවති "තරඟය" නිමාවට පත්වේ. මේවාගේ ඇති හොඳ තත්වය නිසා සාමාන්‍යයෙන් ඒ වනවිට සංසරණයේ පවතින එම චිත්‍රපටයේ සියළු පිටපත් මෙය විසින් නවතාලනු ලැබේ. පුළුල්තිර(Widescreen) පිටපත් WS.DVDRip ලෙස හඳුන්වනු ලැබේ.

| TVRip ( HD-TV ) |
TVRip යනු ග්‍රහණය කිරීම (capture) ඇනලොග් ග්‍රහන කාඩ් (coaxial/composite/s-video connection) මගින් සිදුකිරීම වේ. STV යනු (Subscription TV Rip) වේ. Digital stream rip (DSR) යනු සැටලයිට් වැනි non standard definition digital මූලාශ්‍රයකින් ග්‍රහණය කල පිටපත් වේ. HDTV හෝ PDTVහෝ DTH (Direct To Home)පිටපත් බොහෝ විට පැමිණෙන්නේ විකාශ සම්ප්‍රේෂණයෙනි. HDTV ප්‍රභයකින් සමහරවිට DVD තත්වයද ඉක්මවා යන ගුණාත්මකභාවයක් ලැබේ.

| HC-HDRip ) |

HC කියන්නෙ hard coded subtitles කියන එක.සරලව කිව්වොත් ඕගොල්ලෝ අර කොරියන් සබ් එකක් යටින් යනවා දකින්නේ මේ Rip වල, Camrip වලට වඩා ගුණාත්මකභාවය වැඩියි මේකේ,හදිස්සිකාරයින්ට බලන්න හොදම කොපිය තමා මේක..

No comments:

Post a Comment

Pages